Search This Blog

Saturday, August 1, 2009

Make Connections to Mysql Database

ආයුබෝවන් වාසනාවන් !!!

අද මට හිතුනා සිංහලෙන් ලියන්න කියලා. අපි අද ඉඳලා බලන්න හදන්නේ, කොහොමද mysql දත්ත ගබඩාවක අපිට ඕනෑ කරන ආකාරයට දත්ත සකසන්නේ කියලා. ඒ ඔක්කෝටම කලින් අපි අද බලමු mysql දත්ත ගබඩාවකට වෙබ් පිටුවක ඉඳලා සම්බන්ධතාවයක් ඇති කර ගන්න ආකාරය.

මෙ පහතින් පෙනෙන විදයට තමයි අපි ලියන්න ඕන.

$connection = mysql_connect("hostame", "Username", "Password");

මෙතනදි, hostame එක කියන්නේ අපි සම්බන්ධ වෙන්න යන mysql දත්ත ගබඩාව ස්ථාපනය කරලා තියෙන පරිගණකයේ නම , එහෙමත් නැතිනම් පරිගණකයට ආදේශ කර ඇති IP ලිපිනය ලබාදෙන්න පුළුවන්.

ඊ ලඟට Username කියන්නේ දත්ත ගබඩාවට පිවිදීම සඳහා අවසර සහිත පරිශීලක ගේ නම.
Password ලෙස හඳුන් වන්නේ පරිශීලක හඳුනා ගැනීමට භාවිත කරන රහස්‍යය පදය හෙවත් මුර පදය යි.

මෙම mysql_connect මඟින් අපිට අවශ්‍යය සම්බන්ධතාවය ගොඩ නංවා දෙනවා. ඉන් අනතුරුව අපට අවැසි ඕනෑම ආකරයකට දත්ත ගබඩාව පිරික්සන්න හැක් වෙනවා. මෙමඟින් ඇත්තටම අපිට ලැබෙන්නේ දත්ත ගබඩා සෙවාව හා ගොඩ නැ‍ඟෙන සම්බන්ධයක් පමණයි. ඒ නිසා මී ලඟට අපිට සිද්ධ වෙනවා අපිට අවශ්‍යය වන දත්ත සංචිත කර ඇති මූලය තොරා ගැනීමක් කරන්න. එයට හේතුව තමයි එක් දත්ත ගබඩා සෙවාවක් මඟින් දත්ත මූක කිහිපයක්ම හැසිරවීම. ඒ නිසා අපි දත්ත ගබඩා සෙවාවට දන්වන්න ඕන කුමන මූලයද අපි දැන භාවිතයට ගන්නේ කියලා.

ඒ සදහා අපි පහත විධානය ලබා දිය යුතු වෙනවා.

$link = mysql_select_db("testDb",$connection);

දැන් අපි දත්ත පිරික්සීමට සැරසෙන්නේ මෙම testDb නම් දත්ත මුලය තුලයි.
මින් අනතුරුව තමයි ඇත්තටම අපිට දත්ත සෙවීම හෝ ඇතුළු කිරීමට හැකි වෙන්නේ.


දැන් ඉතා සරල ක්‍රියාකාරකමක් අත්හදා බලමු.

අපි අපේ FRIENDS දත්ත වගුවෙන් එහි සිටින සියළුම යහළුවන්ගේ නාම ලැයිස්තුවක් අර ගන්න හැටි බලමු. ඒ සඳහා ඒ බව අපි අපේ සේවා සැපයුමට ඉල්ලීමක් කරන්නේ පහත ආකාරයේ වැකියක් මඟිනි.

එනම්: SELECT firstName, lastName, eMail FROM FRIENDS

PHP වෙබ් පිටුවේ ඉඳන් අපි මේ ඉල්ලීම කරන්නේ මේ විදියටයි

එනම්: $result = mysql_query("SELECT firstName, lastName, eMail FROM FRIENDS");

මෙමඟින් අපට අපි ඉල්ලපු යහළුවන්ගේ නාම ලැයිස්තුව ප්‍රථිපලයක් විදියට ලැබෙනවා. ඒ ලැයිස්තුව ඊලඟට අපි වෙබ් පිටුවේ පෙන්නන්නේ මේ විදිහටයි.

$output= "";
while($row=mysql_fetch_array($result))
{
$output .= "";}
$row['firstName'] $row['lastName'] And Email: $row['eMail ']

No comments:

Post a Comment